සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් අයි.එස් ගැහැණු 06ක් අත් අඩංගුවට…

All six are from the Eastern town of Kattankudy

සහාරාන් හෂීම් ඉදිරියේ මරාගෙන මැරෙන්නට  ප්‍රතිඥා දුන් කාන්තාවන් 06 දෙනෙක් අද (05)  මඩකලපුව විශේෂ පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මරාගෙන මැරෙන ගැහැණු පොකුර අත්අඩංගුවට ගන ඇත්තේ කල්මුණේ කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බවත් ඔවුන් අතර පාස්කු ප්‍රාහරයේ දී මරාගෙන මැරණු අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බිරියන් ද සිටින බවත් හෙළි වී ඇත.

ලංකාවේ තවමත් රහසිගතව ක්‍රියාත්මක වෙමින් ඇති අයි.එස්.අයි.එස්. සංවිධානයේ අප්‍රකට නායකයා ලෙස සැලකෙන 20 හැවිරිදි  තරුණයෙක්  දීර්ඝ රහසිගත මෙහෙයුමකින් අනතුරුව කාත්තන්කුඩියේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙරෙන ප්‍රශ්න කිරීම්වලදී  මේ තොරතුරු හෙළි වෙමින් ඇත.


ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින්  අනතුරුව මින් පෙර  පළමු පෙළ අයි.එස් ක්‍රියාකාරීන් දස දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මඩකලපුව විශේෂ පොලිස් ඒකකයට හැකි  විය.

කරගෙන යන  විමර්ශන වලින් රට පුරා පැතිරී ගිය අයි.එස්. අන්තවාදී මත දරන 700කට ආසන්න පිරිසක් පිළිබඳව විශේෂ විමර්ශනයක් ද ආරම්භ  විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව වූ විශේෂ විමර්ශන වාර්තාව පසුගිය 30 වැනිදා ආරක්ෂක ප්‍රධානීන් වෙත ලබා  දුන්නේය.

Exit mobile version