සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සංවිධානයෙන් ඉවත් විය යුතුයි –  පොන්නම්බලම්…

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරයා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළ  ටෙලෝ   සංවිධානය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් විය යුතු බව  දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රන් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඊයේ ( 27 ) පැවසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දෙමළ ජාතික  සන්ධානයේ ප්‍රතිපත්ති මත ජනාධිපතිවරයා හමු වීමට ටෙලෝ සංවිධානයට නොහැකි නම්  ටෙලෝ සංවිධානය අනිවාර්යෙන්ම දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත් විය යුතු බවය.

ටෙලෝ සංවිධානය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීමට සූදානමින් සිටියත් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ඉන් එහා බලය පැවරෙන වෙනත් පාලන ක්‍රමයක් නම්  දෙමළ ප්‍රශ්නය විසදීමට ඒ දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවල පරස්පරයක් ඇති බැවින් ටෙලෝ සංවිධානයට මේ අවස්ථාවේදී ගත හැකි හොදම විකල්ප ක්‍රියා මාර්ගය වන්නේ දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාරත්වයෙන් ඉවත් වී වෙනත් මගක් බලා ගැනීම බවද පොන්නම්බලම් මන්ත්‍රීවරයා සදහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරායා හමු වී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලද නමුත් ජනවාර්ගික ප්‍රශ්නය විසදීමට එම සාකච්ඡාවේදී ගත් තීන්දුවක් නොමැති නිසා ජනාධිපතිවරයා විසින් කැඳවූ  සර්ව පාක්ෂික සමලුවට ටෙලෝ සංවිධානය සහභාගී නොවීමෙන් අයත් වූ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version