සර්ව පාක්ෂික ආණ්ඩුවට පුද්ගලයින් වෙනුවට ‍ පක්ෂ   එක් කරගැනීමට රජය උත්සාහයක…

Parliment

දැනට යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති විපක්ෂයේ පක්ෂ අතර සිටින  දෙමළ ජාතික සන්ධානය සිය එකඟතාවය ලිඛිතව ජනාධිපතිවරයා වෙත ඉදිරියේ දින කීපය තුළ දී දන්වන බව ඒ පිලිබඳ කළ විමසුමක දී  දෙමළ ජාතික සංධානයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම පිලිබඳ විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ  මෙතෙක් තීරණයක් ගෙන නොතිබුණ ද එම පක්ෂවලට අයත් මන්ත්‍රී කණ්ඩායම් මේ වනවිට සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන බව දැනුම් දී ඇතැයි ද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග  කිවේය.

කෙසේ වෙතත් විපක්ෂයෙන් එක් වීමට කැමැත්ත පල කර ඇති එක් එක්  මන්ත්‍රීවරුන්   වෙන වෙනම පුද්ගලයින් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවට එක් කරගන්නවාට වඩා දේශපාලන පක්ෂ වශයෙන්  එකතු කරගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග හෙළි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස ජනාධිපතිවරයා පසුගිය දා පර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ලිඛිතව ඉල්ලා තිබිණි.


 

Exit mobile version