සරත් – සරත් අදත් පරාලිමේන්තුවේ දී ඇවිලෙති…

“තමුසෙ නිවටයා“... සරත් වීරසේකර - “නිවටයා ඔය සරත් ද මේ සරත් ද කියලා ජනතාවගෙන් අහනවා..“. සරත් ෆොන්සේකා...

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නිවටයෙක් යැයි මහජන ආරක්ෂක ඇමති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේ නිවටයා කවුදැයි ජනතාවගෙන් අසා දැනගන්නා ලෙසය. 

මේ සංවාදය මතුවන්නේ සරත්  ෆොන්සේකාගේ කතාවේ දී සැක පිට පොලිස් අත්අඩංගුවේ සිටිය දී ඝාතනය වුණු පුද්ගලයෙකුගේ ඝාතනය ගැන කළ ප්‍රකාශයක් මුල් කරගනිමිනි.

කතාව අවසානයේ නැගී සිටි මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය විශ්‍රාමි රියර් අද්මිරාල් සරත් වීරසේකර කීවේ මරා දැම්මේ අපරාධකරුවෙක් බවය. එහිදී  සරත් ෆොන්සේකා ප්‍රශ්න කළ තම ලේකම්වරයාට එල්ල වී ඇත්තේ චෝදනාවක් පමණක් බවත් කීවේය.  ඔහු ඉවත්කර ඔහුට එරෙහිව පරීක්ෂණයක් අරඹා ඇති බවත් කී  සරත් වීරසේකර ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.


සරත් ෆොන්සේකා මහත්මයා  කිව්වෙ  ටිංකරින් ලසන්ත කියන දාමරිකයාගේ ඝාතනය ගැන. මා දැනගෙන හිටියෙ නෑ  මෙතුමා ටිංකරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑ. ටිංකරින් ලසන්ත තමයි සන්ෂයින් සුද්දා කියන කෙනාව මැරුවේ. ඒ වගේම තමයි මංකොල්ල 11ක් කළා.

ටිංකරින් ලසන්තව අත්අඩංගුවට ගන්න කියලා කිවේ නැති සරත් ෆොන්සේකා එයා ඝාතනය කළාම දුක් වෙන්න හදනවා.  පොලිසිය තමයි අල්ලගෙන සඟවා තිබුණු ආයුධ ගෙනියන්න යනකොට තමයි ඔහුව ඝාතනයට ලක්වුනේ.

තමුන්නාන්සෙ මගෙ පොලිසිය නිවටයි කියන්න එපා. තමුන්නාසෙගෙ නිවටකමයි කුහකකමයි මුළු ජනතාවම දන්නවා.

මේ මරණය ගැන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ කළා.

අද පත්තරේ තියනවා හරක් කටා පිස්තෝල විස්සක් ගෙනත් තියන වග කියනවා. මේ ගෙනත් තියෙන්නෙ ජනතාව මරන්න. ඒ පිස්තෝල 20ත් අපි කොහොමහරි හොයා ගන්නවා.

මගේ පොසියට නිවටයි කියන්න එපා.  මෙතුමා ආරක්ෂ ඇමති වෙන්න සිහින මවනවා. මෙතුමා යහපාලන රජයේ මහජන ආරක්ෂක ඇමති වෙන්න සිහින මැව්වා. නමුත් යහපාලන රජය  දුන්නෙ නෑ. මිනිහගෙ හැටි දන්න හින්දා. දැන් ආරක්ෂක ඇමති වෙන්න සිහින මවනවා.

අනිත් එක තමයි  ලේකම් ගැන තියෙන්නෙ චෝදනාවක් පමණයි. ඒක තාම ඔප්පු වෙලා නෑ. ඒ නිසා තමයි එයාව අස් කරලා සීඅයිඩී එකට දැම්මේ.

මම අවුරුදු 35ක් නාවික හමුදාවෙ සිටියා. අවුරුදු 04ක් සිවිල් ආරක්ෂක බලකායෙ හිටියා. අවුරුදු 05ක් අම්පාරෙ හිටියා. අපට කිසිම දූෂණ චෝදනාවක් නෑ. මෙතුමාට වගේ දූෂණ චෝදනාවක් නෑ.

මෙතුමා  යුද හමුදාවෙන් යනකොට යුද්දෙ ඉවරවුනාට පස්සේ චීනෙන් ගෙනාව ආයුද නැවක් අවශ්‍ය නැති. ඒක හරවලා යැව්වා ආරක්ෂක ලේකම්තුමා. ඒක තමයි ආරක්ෂක ලේකම් තුමා සමග තරහා වුනේ.  ඒකෙන් ලැබුණු කොමිස් තමයි ලංකා බැංකුවෙ කොමිස් මුදල් තමයි.

තමුසේ වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියලා මං කියනවා

ඒ අවස්ථාවේ නැගී සිටි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙසේ කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතුමා ලයියා කියන දරුණු අපරාධකරුවාගෙ මල්ලි එක්ක ගිහින් විවෘත කිරීම් කරනවා.  අනික් පැත්තෙන් මෙතුමා මට කිව්වා නිවටයි කියලා. නිවටයා කවුද කියලා මේ සරත්  ද ඒ සරත් ද කියලා අහන්න රටේ ජනතාවගෙන්.

Exit mobile version