සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු මේ සතියේ… ඝාතන සැකකරු 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

සැකක්රුගේ නීතිඥයා...

සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ අවසන් කටයුතු මෙම සති අන්තයේ සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

35 හැවිරිදි දර්ශනී ඒකනායක, ඉනුකා (7), අශ්විනි (4), සහ රණ්යා, (3.)  සහ කැනඩාවේ දී උපත ලද මාස දෙක හමාරක් වයස කෙලී ඝාතතකයා විසින් කපා දමා ඝාතනය කර තිබිණි.  නිවසේ ඔවුන් සමග සිටි ගාමිණී අමරකොන් (40) නැමැති පුද්ගලයෙක් ද ඝාතකයාගේ ගොදුරු වී තිබිණි.

ඝාතකයාගේ ධරුණු ප්‍රහාරයට ලක් වී දිවි ගලවාගත් පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ඇත.  ඔහුගේ පියා සහ සහෝදරයෙක් මේ වනවිට කැනඩාවට පැමිණ තිබේ.

මේ අතර පසුගිය සතියේ Barrhaven  උප නගරයේ නිවසකදී ළමුන් හතර දෙනෙකු ඇතුළු හය දෙනෙකු සමූල ඝාතනය කිරීමේ චෝදනාවට ලක්වූ  ඔටාවාහි බිහිසුණුම මිනීමරුවා ඊයේ පස්වරුවේ ඔටාවා උසාවියක කෙටි   පෙනී සිටීමක් කළේය.


ඝාතන චෝදනා ලද 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා දුරකථන මාර්ගයෙන් අධිකරණයේ  පෙනී සිටියේය.   ප්‍රථම මට්ටමේ මිනීමැරුම් චෝදනා 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සහිත මෙම චූදිත ඝාතකයාගේ   මීළඟ අධිකරණයේ දිනය මාර්තු 28 ය.

ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් පවසන්නේ ඔහු දැනට ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බවයි.

එල්ජින් වීදියේ උසාවියෙන් පිටත වාර්තාකරුවන්ට ඔහු මෙසේ කීවේය. “මම ඔහුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී ඉන්නවා. ඔවුන් පැහැදිලිවම බොහෝ කලකිරීමෙන් ඉන්නේ.   රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ඔහු    හොඳින් කටයුතු කරනවා.” නීතිඥවරයා පැවසුවේය.

සැකකරුගේ මානසික සෞඛ්‍ය තක්සේරුවක් අපේක්ෂා කරන්නේද යන්න පිළිබඳව අදහස් නොදක්වන  නීතිඥයා ඒ සදහා මාස කීපයක් ගතවනු ඇති බව පවසයි.  ඔහු තම සේවාදායකයාගේ මානසික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ..

ෆෙබ්‍රියෝ ද සොයිසා ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ සිටින බවට සැලකෙන ශ්‍රී ලාංකිකයෙකි. ඇල්ගොන්කින් විද්‍යාලයේ ප්‍රකාශකයෙකු සීටීවී නිව්ස් ඔටාවා වෙත පැවසුවේ ඔහු අවසන් වරට එහි පන්තිවලට සහභාගී වූයේ 2023 ශීත ඍතුවේ දී ය.

මෙම ඝාතනයට හේතුව පොලිසිය ප්‍රසිද්ධියේ යෝජනා කර නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් මෙම ඝාතන හැඳින්වූයේ “නගර ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩත්වයේ සිදුවීම්වලින් එකක්” ලෙසිනි.

Exit mobile version