සමුද්‍ර ජීවින්ට හානි සිදු වූ බවට තවම තොරතුරු නෑ… විනාස වූ වෙරළ නාවික හමුදාවෙන් පිරිසිදු කරයි…

ගින්නේ අවසාන අදියර... දැවී අළුවීමට ආසන්න නැව

මේ වනවිට කර ඇති නිරීක්ෂණවලින් පෙනන ආකාරයට එස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍ර පරිසරයේ ජීවීන්ට විශේෂ බලපෑමක් සිදු වී ඇතැයි තහවුරු වන සාධක මතුනොවන බව නාරා ආයතනයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

කෙසේ වෙතත් නෞකාවේ සුන්බුන් හා දැවි කොටස් හේතුවෙන් වෙරළ පද්ධතිය වත්තල සිට මීගමුව තෙක් විහිදෙන වෙරළ කලාපයට දැඩි පරිසර හානියක් සිදු වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

වෙරළ තීරය ව්‍යසනයට ලක් වී ඇති ආකාරය

මේ අතර ගිනිගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී මුහුදට වැටී වෙරළ තීරයට ගොඩ ගසා තිබූ සුන් බුන් ඉවත් කිරීමේ කටයුතු නාවික හමුදා නිලධාරීහු අද පෙරවරුවේ ආරම්භ කළහ.

කොළඹ සිට මීගමුව දක්වා වෙරළ තීරයට ගොඩගැසෙන එම විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් 250 ක පමණ පිරිසක් යොදවා ඇතැයි ද නාවික හමුදා ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොඩගැසී ඇති අපද්‍රව්‍යය…



Exit mobile version