සමුද්‍ර ගවේෂණ ඩෝනියර් ගුවන් යානය ඉන්දියාව අද   ශ්‍රි ලංකාවට භාර දෙයි!

කීර්ති ප්‍රනාන්දු – 

ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය මෙරටට ප්‍රදානය කිරීම අද (15) කටුනායකදී උත්සවාකාරයෙන් සිදු කෙරිණ .

එහිදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ  අතින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   හට ගුවන් යානය නිල වශයෙන් භාරදීම සිදු කළේය .

ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවඩියක් නිකුත් කරමින් මසේ නිවේදනය කළේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබද අවධානය යොමු කර තිබිණි.


පසුව ශ්‍රී ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් – 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමට එකඟ විය. ඒ නව ගුවන් යානයක් නිෂ්පාදනය කිරීම සඳහා වසර දෙකක පමණ කාලයක් අවශ්‍ය වන බැවිනි.

මෙම   දෙවසර අවසානයේදී නව ඩෝනියර් – 228 සමුද්‍රීය මුර සංචාර ගුවන් යානාවක් නොමිලේ ලබාදීමට ඉන්දීය රජය සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම ශ්‍රී ලංකා රජය විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් සහ කොන්දේසි මත තවත් නව ගුවන් යානයක් ලබාදීමට නියමිතව ඇත.

Exit mobile version