සමාවෙන්න… ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී…

Kusal

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වෙමින් ඇති ප්‍රශ්න උඩ මෙවැනි ඉවසීමක් සහිත ක්‍රීඩා ලෝලීන් පිරිසක් සිටීම ගැන තමන් සතුටුවන බව ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා ප්‍රකාශ කර සිටියේය.

ක්‍රීඩා තරගාවලිය පරාජය වීමේ සිට සිදුවෙමින් ඇති සියලු දේට කණ්ඩායමේ නායකයා ලෙස ඔහු ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

“ මේ තරම් පරාජයට පත් වෙලා ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ වැටී තිබෙද්දීත් අපට සුභ පතන ක්‍රීඩා ලෝලීන් පිරිසක් අපට ඉන්නෙ. ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා වගේම ඉදිරියේ දී ජයග්‍රාහී මානසිකත්වයට පැමිණීම සඳහා කටයුතු කනවා.“

වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (28) පැවති මාධය හමුවක දී ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version