සමාජ මාධ්‍යවල ගිය පට්ටපල් බොරු මඩ ගැහුවේ JVP සහ GMOA  – උපාධි මංජුසාව දුන්නේ මම…  

Muruththettuwe-Ananda-Thero

මරුත්තෙට්ටුවේ ආනන්ද හිමි...

කොළඹ විශ්ව විද්‍යාලයේ අද පැවති උපාධි ප්‍රධානෝත්සවය සඳහා සහභාගි වූ කුලපති   මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති මැවෙන්නේය. ඒ කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධි ප්‍රධානෝත්සවයේ දී උන්වහන්සේ අතින් උපාධිය  ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවය. ඇත්තටම කුලපති හාමුදුරුවන් සිසුන් විසින් ප්‍රතික්ෂේප කළා ද?. අපි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විමසුවෙමු.  

ප්‍රශ්නය –  සමාජ මාධ්‍යතුල ප්‍රචාරයක් යනවා ඊයේ (17) පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ඔබ වහන්සේ පිරිනමන උපාධි සහතික පත්‍ර ප්‍රතික්ෂේප කිරිමට ශිෂ්‍යයින් ක්‍රියා කළ බව.  

පිළිතුර – සමාජ මාධ්‍යවල පළ කර තියෙන්නේ පට්ටපල් බොරු. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් මුලින්ම  සහතික පත්‍ර ලබා ගත් සිසුන් කීප දෙනෙකුට උපකුලපතිනිය සහතික පිරිනැමුවා . ඉතිරි සියලුම දෙනාට  උපාධිය පිරිනැමුනේ මගේ අතින්.

ප්‍රශ්නය – උපකුලපතිනිය  සිසුන් කීපදෙනෙකුට සහතික පිරිනැමුවේ ඇයි?


පිළිතුර  – මම තමයි උපකුලපතිනියට කිව්වේ මුලින්ම සහතික පත්‍ර පිරි නමන්න කියලා. මගේ අවසරය මතයි ඇය සහතික පත්‍ර පිරිනැමුවේ 

ප්‍රශ්නය – ඔබ වහන්සේ ඇයි උපකුලපතිනියට සහතික පිරිනමන්න කියලා කිව්වේ?

පිළිතුර – මම මේ තනතුරට අලුත්. ඒ නිසා මට මේ උත්සවය ගැන පොඩි වැටහීමක් ලබා ගන්න අවශ්‍යයයි. ඒකයි මම ඇයට මුලින්ම සහතික පත්‍ර පිරිනමන්න කිව්වේ

ප්‍රශ්නය – ඊට පසුව ඔබ වහන්සේ සිසුන්ට උපාධි සහතික පිරිනැමුවාද?

පිළිතුර – ඔව් මම තමයි ඉතිරි සියලුම සිසුන්ට උපාධි සහතික පිරිනැමුවේ. වෛද්‍ය සිසුන් 30ක් මගෙන් සහතික පත්‍ර ලබා ගත්තා.

ප්‍රශ්නය – කලුපටි බැදගෙන සිසුන් පැමිණි බවට සමාජ මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්තිය ගැන ඔබ වහන්සේ මොකක්ද කියන්නේ.?

පිළිතුර- කලු පටි බැදගත්  තරුණයින් දෙනෙක් උත්සව ශාලාවට පිටත සිට තියෙනවා. අනතුරුව ඒ තරුණයනින් දෙදෙනත් කලු පටි ගලවලා උත්සවයට සහභාගි වෙලා තියෙනවා. 

ප්‍රශ්නය – මේ  ක්‍රියාව පිටුපස සිටින්නට ඇත්තේ කවුරුන් කියලද විස්වාස කරන්නේ?

පිළිතුර – හැමදාම හොඳ වැඩ කඩාකප්පල් කරන්‌නේ ජේ.වී.පී කාරයින්. මම හිතන්නේ ‌මේ වැඩේ පිටුපස සිටින්නට ඇත්තෙත් ඔවුන් වෙන්න ඇති.

ප්‍රශ්නය –  මේ  වැඩ පිළිවෙළ පිටුපස වෙන කවුරුහරි ඉන්නවා කියලා ඔබවහන්සේ විශ්වාස කරනව ද?

පිළිතුර –  මට එක්තරා වෛද්‍යවරයෙක් කතා කරලා කිව්වා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරලා තිබුණලු වෛද්‍ය ශිෂ්‍යයින් මගේ අතින් උපාධි සහතිකය ලබා නොගන්නා බව . ඒත් මම ඒ ගැන කිසිවක් දන්නේ නැහැ. කොහොම නමුත් වෛද්‍ය ශිෂ්‍යයින් සියලු දෙනා උපාධි සහතිකය ලබා ගත්තේ මගේ අතින්.

ප්‍රශ්නය –  මෙවැනි තත්වයක් තුළ  කුලපතිවරයා ලෙස ඉදිරියට සිය තනතුරේ රාජකාරී කරගෙන යාමට හැකියාවක් ලැබෙයිද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිළිතුර –  මම මඩප්‍රචාරවලට බය කෙනෙක් නෙවෙයි. මම විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට කවුරුත් මෙතෙක් නොකළ වැඩකොටසක් කරන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම දුප්පත් දරුවන් වෙනුවෙන් ලොකු සේවයක් කරන්න අදහස් කරනවා

Exit mobile version