සම්න්ත්‍රණයේ පුටු ප්‍රශ්නයක් නිසා අ.පො.ස සිසුවෙක් තවත් සිසුවෙකුගේ බෙල්ල කපලා…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සදහා පැවති සම්මන්ත්‍රණයකදී ආසන ප්‍රමාණවත් නොවූ සිද්ධියක් මත සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් මැද අද (13) එක් ශිෂ්‍යයෙකු තවත් ශිෂ්‍යයෙකුගේ බෙල්ල පිහියකින් කපා   තුවාල සිදු කොට තිබේ.

මේ කැපුම් තුවාල නිසා එම ශිෂ්‍යාව වහාම කිළිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

කිළිනොච්චිය සමුපකාර ශාලාවේ මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇති අතර සිසුන් දහසකට ආසන්න පිරිසක් ඊට සහභාගී වූවත්  එම ප්‍රමාණයට ආසන නොමැති කම නිසා මුලින්ම සිසුන් අතර නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.


එම තත්ත්වය පාලනය කිරීමට සංවිධායකවරුන්ට නොහැකි වීම නිසා සිසුන් කෑකෝ ගසමින් සිටි අතරවාරයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබේ.

එකිනෙකාට පහර දී ගෙන ඇති සිසුන් ශාලාවෙන් ඉවතට පැමිණ මහා මාර්ගයේදීද පහරදී ගත් අවස්ථාවේදි එක් සිසුවකු තවත් සිසුවකුට පිහියකින් බෙල්ල කපා තුවාල සිදුකොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version