සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමන් දේවාලයට වැඩ බලන බස්නාය නිලමේ පත් කළේ පනතට අනුවයි… බෞද්ධ කටයුතු කොමසාරිස් කීවත් කපු මහත්වරු තේවාවලින් ඉවත්වෙයි… දේවාලය අද දවසේත් වැසෙයි…

by editor
ජනවාරි 6, 2025 - Updated on ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර විශ්‍රාම ගිය බස්නායක නිලමේ තනතුරට පුද්ගලයෙක් තෝරා ගැනීම සඳහා වූ ඡන්දය පවත්වන තෙක් එස්.වි චන්ද්‍රසිංහ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස පත් කරනු ලැබුවේ පනත ප්‍රකාරව නිශ්චිත නීත්‍යානුකූළ ක්‍රමවේදයකට අනුගත වෙමින් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී රත්නායක අද (06) අවධාරණය කළේය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. කොමසාරිස්වරයා මේ සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. ඒ මෙසේය.

“සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුර මීට අවුරුදු එක හමරාකට ඉස්සරවෙලා අවසන් වුනේ. අපි අවුරුදු පහක කාලයකට පත් කරගන්නේ.”

“එතකොට පනතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිතුමාට පත්වීම දීර්ඝ කරන්න පුලුවන් වෙන්නේ දෙවතාවක් විතරයි. ඒ උපරිම කාලය අවුරුදු දෙකයි.”

“මේ ඉන්න නිලමේ තුමා මිගාර ජයසුන්දර මහත්මයා මේ සැරේ දෙවැනි වතාවට කාලය අවසන් වනවිටත් මට තව මාස හයක් තියනවනේ කියලා ඉල්ලීමක් කළා.”

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

“නමුත් පනත ප්‍රකාරව මට ඒක ජනාධිපති තුමාට යොමු කරන්න බෑ. මොකද දෙපාරයි පුලුවන් ජනාධිපති තුමාට දික් කරන්න. ඒ නිසා මම කිව්වා මේ සැරේ ඡන්දය තියන්න අවශ්‍ය වෙනවා කියලා.”

“ඒ අනුව අපි ඡන්දය තියන්න කටයුතු කළා. එහිදී එතුමා ඉල්ලීමක් කළා වැඩ බලන බස්නායක නිලමේ තනතුර එතුමාට දෙන්න කියලා. ඒ ඉන්නකොට තව අපිට පිටිනුත් ඉල්ලිමක් විදිහට තවත් එක්කෙනෙක් ඉල්ලිමක් කළා.”

“ඒ ඉල්ලපු පුද්ගලයා ගැන සොයලා බලපුවාම එහෙම ගැටලුවක් නෑ එතුමගේ. බෞද්ධ ආගමිකයෙක් විදිහට පනත ප්‍රකාරව එතුමා පත් කරන්න පුලුවන්. නමුත් අවුරුදු 70 සම්පූර්ණ වෙලා තිබුණ නිසා නැවත වරක් එයාට ඉල්ලන්නත් බැරි නිසා මම තීරණය කළා එතුමා පත් කරන එක වඩාත් හොඳයි කියන එක. ඒ අනුව තමයි මම එතුමාව නොමිනේට් කරලා පත් කරන්න තීරණය කළේ.”

“ඒ අනුව මම එතුමාගේ ඉල්ලීම අනුව 01 වැනිදා වැඩ බලන තාවකාලික බස්නායක නිලමේවරයා විදිහට එතුමා පත් කළා.”

“ඒ පත් කරලා මම මෙහෙම තීරණය කළා. මේ පත් කරන්නෙ ඡන්දය තියනකම් නේ. අලුතින් කෙනෙක් ස්ථිරව පත් කරගන්න. ඒ නිසා මම තීරණය කළා මේක පුලුවන් ඉක්මනට කරන්න ඕන කියලා. ඒ නිසා අපි පලවෙනිදා මේ පත්වීම දුන්නා. 03 වැනිදා වනවිට පත්තරේ දැන්වීමක් දාලා මාසයක් යන්න ඕන. ඒ අනුව පෙබරවාරි 11 වැනිදා අපි තෝරා ගැනීමේ රැස්වීම සමන් දේවාලයේදි පවත්වන්න තීන්දු කරලා තියනවා.”

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසන්නේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දරගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව නව බස්නායක නිලමේවරයෙක් පත් කරගන්නා තෙක් සිදුකළ තාවකාලික පත්කිරීමට   දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය විරෝධතා එල්ල කර ඇති බවය.

අද දිනය පුරා සබරගමු මහ සමන් දේවාලය බැතිමතුන්ට වසා දමා තිබිණි. සිරිපා වාරය ආරම්භ වූ මේ වකවානුවේ සිරිපා කරුණා කරන බැතිමතුන් සබරගමු මහ සමන් දේවාලයට පිවිස ආශීර්වාද ලබා ගැනීමේ සම්ප්‍රදායක් ද පවතින අවසථාවක මේ තත්ත්වය උද්ගත වී තිබිණි.

බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මොනවා කීවත් කපු මහත්වරු ඇතුළු රාජකාරි මණ්ඩලය රජයට චෝදනා කලේ වසර දහස් ගණනක් පැවති චාරිත්‍ර සම්ප්‍රදාය බිඳ දමා දේශපාලන මැදිහත්වීම් මත මැණික් මුදලාලි කෙනෙක් බස්නායක නිලමේ ධූරයට පත් කිරීම සිදු නොකළ යුතු අපරාධයක් බවය.

ඉතිහාසයේ මෙතෙක් මෙවැනි අකටයුත්තක් සිදුනොවන බවත් බස්නායක නිලමේවරයෙක් පත් කිරීම සඳහා සියවස් ගණනක් තිස්සේ පවතින චාරිත්‍ර සම්ප්‍රදායක් ඇති බවත්ය.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේවාලයේ දශක පහකට අධික කාලයක් රාජකාරි කටයුතු කරන බී.වී.ධර්මවර්ධන කපු මහතා පැහැදිලි කර දුන්නේ ඉතිහාසයේ කිසිම කළක නොඇසූ විරූ ලෙස මේ පත් කර ඇත්තේ කාලෝචිත නොවන, ස්ථානයට සුදුසු නොවන, චාරිත්‍ර සම්ප්‍රදායට සුදුසු නොවන පුද්ගලයෙක් බවය. ප්‍රධාන කපු මහත්වරු පස් දෙනා සහ මොහොට්ටාලනිලමේ වරු මේ සම්බන්ධව ගත යුතු තීරණය කුමක් දැයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම පත්වීමේ නුසුදුසු ස්වරූපය බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ඇතුළු සියලුම වගකිවයුත්තන්ට ලිඛිතව දන්වා පාරට බැස්සේ මෙවැනි පුද්ගලයෙක් සමග බස්නායක නිලමේ ධූරය වැනි ගෞරවණීය රාජකාරියක් සිදුකිරීමට ඇති බැරිකම නිසා බවය.

“මේවා කෙරෙන්නේ ඡන්දයෙන්. අවුරුදු දහස් ගණනක රජ්ජුරුවන්ගේ ඉඳලා පැවත එන සිරිත් විරිත් තියනවා. කුළ 18ක උදවිය එදා ඉඳලා මේ දක්වා මේ දේවාලයේ රාජකාරි කරනවා. බස්නායක නිලමේ ට බුලත් අතක් දීලා වඳිනවා. පෙනුම් වලින් ගරු සත්කාර කරනවා. ඒ තමයි රාජකාරි සම්ප්‍රදාය. මේ සිරිත් අදත් පවතිනවා. අපි කාටද මේ දණ ගහලා වඳින්නේ බුලත් දෙන්නේ කියලා අපට ප්‍රශ්නයක් තියනවා. මොකද අපි වඳින්නේ සුදුසු පුද්ගලයෙකුට නොවන නිසා. ”

කපු මහත්වරු පැවසුවේ ඔවුන්ගේ කිසිම දැනුම්වත් භාවයකින් තොරව ඉහළ පෙළේ පුද්ගලයෙක් විසින් දිස්ත්‍රික් කමිටුවේ දී ආණ්ඩුකාරවරිය සහ සකච්ඡා කර මෙම පුද්ගලයා පත් කර එවා ඇති බවය. දේවාලය වසා පූජා නවත්වා පාරට බසින්න සිදුවන්නේ මේ වැනි තත්ත්වයක් තුළ බවත් මේ අවස්ථාව තේරුම්ගෙන ඉතාම හොඳ තීරණයක් ගැනීම සම්බන්ධව සියලු දෙනාම බලාපොරොත්තුවන බවත් සබරගමු මහ සමන් දේවාලයේ පැරණිම කපු මහතාවන බී.වී.ධර්මවර්ධන වැඩිදුරටත් පැවසුවේය. ඔහු කීවේ මෙම පත්කිරීමට දේවාලය හා සම්බන්ධ දහස් ගණනක් සම්ප්‍රදායික රාජකාරි පවුල්වල ජනතාව මුලුමනින්ම අකමැති බවය.

“මැණික් මුදලාලිලා සම්බන්ධ කරන්න එපා. ඓතිහාසික චාරිත්‍ර සම්ප්‍රදායට අනුව සුදුසු පුද්ගලයෙක් මේකට එවන්න. අපට කියන්න තියෙන්නේ. මුදලාලිලා එවන්න එපා. මුදල් බලය ධන බලය පෞඪ ඉතිහාසය විනාශ කරන්න එපා. දේශපාල මැදිහත් වීමකින් තොවර අතගැසීමකින් තොරව නිලමේ කෙනෙක් පත් කරන්න. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ එච්චරයි. “. සමන් දේවාලයේ රාජකාරි මණ්ඩලය ඊයේ ආණ්ඩුවට දැනුම් දී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරාය අධිකාරියේ වත්මන් කළමණාකාර අධ්‍යක්ෂ රාජ්‍ය දේපල අවභාවිතා කර කෝටි 2ක අලාභයක් කරලා… මගෙන් රටට සංවිධානයෙන් අල්ලස් කොමිසට පැමිණිල්ලක්!

Next Post

ආන්දෝලනයට තුඩු දී තිබෙන නඩු කටයුතු පිළිබඳ ජනපති සහ නීතිපති අතර සාකච්ඡාවක්!

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.