සමගි ජනබලවේග මන්ත්‍රිවරුන්ට අද හදිසි කැඳවීමක්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද සවස පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හරීන් ප්‍රනාන්දු  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයත් ඒ සමඟ පැන නැගි ඇති කරුණු පිළිබඳව එහිදී විශේෂ අවධානයකට ලක් වීමට නියමිත බව සමගි ජන බලවේග ආරංචි මාර්ග අනාවරණය කළේය. මෙම සාකච්ඡාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදසාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එය විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

එසේම මේ වනවිට පක්ෂය විසින් ආරම්භ කර ඇති ගම් මට්ටමේ ප්‍රචාරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක් කිරීමට නියමිත වන අතර ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරවලදී විපක්ෂය ලෙස ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද අවධානය යොමු වනු ඇති වව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version