සබන් නිෂ්පාදනයෙන් දියුණු වෙන ග්‍රාමීය කාන්තාවන්

Herbal Soap

ග්‍රාමීය ප්‍රදේශයක් වන ජබල්පූර් හි කාන්තාවන් ඖෂධීය සබන් නිෂ්පාදනය කිරීම මඟින් ගම්මානයම දියුණු කිරීමේ ව්‍යාපෘතියකට දායක වී සිටිති.

මීට මාස දෙකකට පෙර දිස්ත්‍රික් පන්ච්යාට් (දිස්ත්‍රික් සභාව) ප්‍රධායන විධායක නිළධාරී නන්දා භාලාවේ කුෂ්රේගේ මැදිහත් වීමෙන් එළු කිරි මඟින් සබන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ දින තුනක වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවට කාන්තාවන් 15 දෙනෙකු සහභාගී වී සිටි අතර මේ වන විට ඔවුන් එම කටයුත්තේ ප්‍රවීණයන් වී හමාරය.

ඔවුන් ගම්මානයේ එළුවන් ඇති කරන්නන්ගෙන් එළු කිරි ලබා ගන්නා අතර ගම්මානයේ ‘ජවාර් පන්චයාට්’ කාර්යාලයේ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු සිදු කරන ලබයි. එළුකිරි වලින් මූලික පදනම සාදා ගන්නා අතර ඊට ග්ලිසරින්, අඟුරු හා වෙනත් අවශ්‍ය දේ යොදා සබන් කැට නිෂ්පාදනය කරයි. අනතුරුව ඒවා ඇසුරුම් කොට දිස්ත්‍රික් පන්ච්යාට් වෙළෙඳපොළේ අලෙවි කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නව ව්‍යාපාරයෙන් මෙතෙක් කලක් කිසිදු ආදායමක් නොමැතිව සිටි කාන්තාවන් රුපියල් 4000 – 6000ත් අතර මුදලක් ආදායම් වශයෙන් ලබා ගන්නා අතර ඔවුන්ට සිය සැමියාට සහයක් වීමටත් දරුවන්ගේ ඉගෙනීමට අවශ්‍ය මුදල් යෙදවීමටත් හැකියාව ලැබී ඇත.

Exit mobile version