සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කොවිඩ් රැල්ලක්… 

සේවකයින් 474 දෙනෙකු කොවිඩ්... වෛරසය ආසාදනය නොවූ 200කට පරිශ්‍රයෙන් පිටවීම තහනම්....

සමන්තිකා වීරවර්ධන –                                            

සපුගස්කන්ද තෙල්පිරිපහදුව තුල කොවිඩ් රැල්ලක් නිර්මාණය වී‌මේ අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

මේ වන විට පරිශ්‍රය තුළ සේවකයින් 474 දෙනෙකු කොවිඩ් ආසාදය වි ඇති බැවින් ඔවුන්ගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර ඇතැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි‍.

සේවකයින් 170 දෙනෙකුගේ පීසීආර් පරික්ෂණ වාර්තාවන් තවදුරටත් ලැබීමට නියමිතය‍.


වෛරසය ආසාදනය නොවූ සේවකයින් 200ක් දෙනා පරිශ්‍රය තුළ මේ වන රාජකාරී කටයුතුවල නිරතවන අතර ඔවුන්ට ආයතනයෙන් පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇතැයි සංගමයේ සභාපති උපුල්රෝහණ  සඳහන් කරයි.

පිරිපහදුව පිරිසිදු කිරීමට සෑම වසර තුනකට වරක් පිටතින් සේවකයින් 400ක් බඳව ගන්නා බැවින්  ඔවුන්ව බඳවා ගැනීමට පෙර පීසීආර් පරික්ෂාවකට ලක් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නද ඔවුන් එය නොසලකා සේවකයින් ආයතන පරිශ්‍රයට ඇතුළු කර ගෙන ඇතැයි උපුල් රෝහණ පෙන්වාදේ.

මෙම සේවයකින්ට ආයතන පරිශ්‍රය තුළදී  ඇන්ටිජන් පරික්ෂාව සිදුකර ඇති අතර එහිදී සේවකයින් තිදෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නමුත් ඒ පිලිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට ආයතන බලධාරීන් කටයුතු කර නොමැති යැයි සංගමය චෝදනා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අංශවල උපදෙස් නිසි පරිදී පිළි නොපැදීම හා සත්‍ය තොරතුරු වසන් කිරීම හේතුවෙන් මේ වන විට පිරිපහදුව තුළ කොවිඩ් රැල්ලක් නිර්මාණය වී ඇතැයිද සංගමය පෙන්වාදේ.

Exit mobile version