සඳුදා සිට සිසු සැරිය ඇරඹෙයි…

ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමට සඳහා ක්‍රියාත්මක කරන සිසු සැරිය බස් රථ සේවාවේ සියලුම බස් ලබන සඳුදා (22) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස  පවසයි.

එම බස් රථ සේවාව සඳහා වෙන්කර තිබෙන ලංගම බස් රථ 741 සම්පූර්ණයෙන්ම සඳුදා සිට ධාවනයට යොදවනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා පවසන්නේ  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති පමණක් ආරම්භ කළ අවස්ථාවේ සිට ‘සිසු සැරිය’ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යොදවා තිබූ බවය.


Exit mobile version