සන්ෂයින් සුද්දාට කොවිඩ්… විමර්ශන අංශ අවුලක..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ ඝාතනය කළ සන්ෂයින් සුද්දා කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

මරණ පරීක්ෂණයට නියමිත වී තිබුණ ද මළ සිරුර සඳහා මාතර රෝහලේ දී කළ කොවිඩ් පරීක්ෂණයේ දී මෙම පුද්ගලයාට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග විමර්ශන අංශ ගැටලුවකට මුහුණ දී ඇත.

මේ අතර සන්ෂයින් සුද්දා ඝාතනයට පැමිනි යැයි සැක කරන වාහන මාතර නාදුගල වේල්ල අසල දමා ගොස් තිබියදී අද දහවල් මාතර පොලිසිය විසින් සොයා ගත්තේය.

පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව මෙම වාහනය සොයාගෙන තිබිණි. සන්ෂයින් සුද්දාගේ හිතවතියගේ නිවසේ ඊයේ පැවැත් වූ උපන්දින සාදයට එක්වුණ දරුවා, එම කාන්තාව, ඇතුළු සියලුම පිරිස් කොවිඩ් පළමුපෙළ ආශ්‍රිතයන් වී ඇති බැවින් ඔවුන් නිරෝධායනය කර ඇති බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.

Exit mobile version