සතොසේ පොල්  75යි.. එක් අයෙකුට පොල් ගෙඩි 05යි. වෙළෙඳ ඇමති කියයි!

රජයට අයත් ලංකා සතොස විශාල පොල් ගෙඩියක් රුපියල් 75 ක උපරිම සිල්ලර මිලකට  අලෙවි කරනු ලබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  අද (31)ප්‍රකාශ කළේය.

ඊට අදාළව පොල් සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.

සතොස අලෙවිසැල්වලින් පාරිභෝගිකයෙකුට නියමිත මිලට එක් වර පොල් ගෙඩි 5ක් මිලදී ගැනීමට අවසර දෙන බවද අමාත්‍යවරයා පැවසීය.


“විශාල පොල් ගෙඩියක් මේ වසර පුරාම  රුපියල් 75ක උපරිම සිල්ලර මිලට විකුණනවා. මේ වසර පුරාවට 75ක්. පාරිභෝගිකයෙකුට නියමිත මිලට එක්වර  පොල් ගෙඩි 5ක් මිලදී ගැනීමට අවසර ලැබෙනවා. පොල් මිලදී ගැනීමට නොහැකිව සිටින ජනතාවට   අපනයන තත්වයේ ප්‍රමිතියෙන් යුතු පොල් ගෙඩි දෙකක කිරි සහිත අසුරණයක්   . ලංකා සතොසෙන් රුපියල් 150ක උපරිම සිල්ලර මිලට ලබා දෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොල් ගෙඩියක උපරිම සිල්ලර මිලෙහි අගය පහත වැටීම හෝ වැඩිවීම  පොල් මිල ඉහළ පහළ යෑම  අනුව,   සිදුවනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

Exit mobile version