සති 5කට පසුව මෙරට 14 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 14 වැනි කොරෝනා මරණය අද වාර්තා වූ බව covid-19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුලු මොහොතකට පෙර වාර්තා කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

මියගොස් ඇති කාන්තාව 50 හැවිරිදි අයෙකි. ඇය කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබිණි.


මෙරට තුළ 13 වැනි කොරෝනා මරණය වාර්තා වූයේ පසුගිය මස 14 වැනිදායි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය කුලියාපිටිය පදිංචි කාන්තාවක් වන අතර නිදන්ගත රෝග ගණනාවකින් පෙළුණු බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

Exit mobile version