සති ගණනක් ගෙදර ලිප ගිනි අවුලපු නැති මිනිස්සු ආමර්වීදියේ දී ගෑස් ලොරියක් කොල්ලකති….

බඩගින්න ඇවිලෙයි.... පොලිසිය බලාගෙන හිඳියි...

ආමර්වීදියේ ගෑස් ලොරියක් කොල්ලකා තිබේ.  මෙසේ කොල්ලකා ඇත්තේ  ආමර් වීදියේ බාබර් හංදියේදි ගෑස් බෙදමින් තිබුණු ලොරියකි.

මේ තමයි බඩගින්න….

ලොරිය වටකරමින් ගෑස් පෝලිම්  සිටි පිරිසක් ලොරියේ තිබුණු ගෑස් ටැංකි 49ට වැඩි පුමාණයක් කොල්ලකා පලාගොස් තිබේ.

කොල්ලය සිදුවී ඇත්තේ පොලීසිය බලා සිටියදී බව වාර්තා වේ.   මේ වන විට ගෑස් ලොරිය ආමර්වීදිය පොලිසියට රැගෙන ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ නරගය තුළ අතිශය ජනාකීර්ණ මහල් නිවාස පන්ති සහිත ආමර්වීදිය, කොටහේන, ජින්තුපිටිය, ආශ්‍රිතව ජීවත්වන  මිනිසුන් මාස ගණනක් ගෑස් නොමැතිවගත කර තිබුණේ බෙහෙවින්ම පීඩාකාරී ජීවිතයකි. ගිනි ඇවිලවිය නොහැකි කුඩා නිවාසවල ලාම්පුතෙල් ලිප් පත්තු කරගැනීමටවත් ලාම්පුතෙල් නොතිබුණු පරිසරයක සමහර නිවාස වල සති ගණනක් ලිප ගිනි ඇවිලී තිබුණේ නැත.


Exit mobile version