සත්තුන්ට එක දිගට කොවිඩ් වැළඳෙද්දී සත්වෝද්‍යානය යළි ජනතාවට විවෘතවීම නිවේදනය කෙරෙයි..

කොවිඩ් 19 තත්වය හේතුවෙන් පසුගිය මැයි මස වසා දැමූ  දෙහිවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය නැවත මහජනයාට විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ විසින් නිවේදනය කරයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම තීන්දුව ගන්නේ මහජනයාට සත්වෝද්‍යානය විවෘතව නැති වකවානුවේදීත් දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයාට, සිංහ ධේනුවට, ඔරන්උටන් සත්වයන් දෙදෙනෙකුට, හා චිම්පන්සි සත්වයන්  දෙනෙකුට   කොවිඩ් වැළඳුණු වටපිටාවකය. කොවිඩ් ආසාදනයෙන් තෝර් සිංහයා අසාධ්‍ය තත්වයට පත් වූ අතර එම සත්වයාට කොවිඩ් නිව්මොනියා තත්වයක් ඇති වී තිබිණි

ඔරන්උටන් දෙදෙනාට සහ චිම්පන්සින් දෙදෙනාට කොවිඩ් වැළඳුණු බව තහවුරු වන්නේ පසුගිය 18 වැනිදා ය. ඒ බව තහවුරු වී දින 04ක් යන්නට පෙර කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීයාමේ දැඩි අවදානමක් සහිත වටපිටාවක ජීවත්වන මිනිසුන් සඳහා   සත්වෝද්‍යානය විවෘත කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වරීය තීරණය කර ඇත.


ඒ අනුව 2021.07.26 සිට දිනපතා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා දෙහිවල සතවෝද්‍යානයත්, පෙරවරු 8.30 සිට පස්වරු 4 දක්වා රිදියගම සෆාරි උද්‍යානයත් විවෘත කරන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 17 දා සිට පින්නවල අලි අනාථාගාරය හා සත්වෝද්‍යානය නරඹන්නන් සඳහා විවෘතව ඇති බව කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය  ඒවා පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා විවෘතව ඇති බව ද කියන්නීය.

Exit mobile version