සජිත්ලා ගේ ඩයනා 20ට පක්ෂවී මන්ත්‍රීවරුන් ඩැහැ ගැනීමේ මෙහෙයුමක..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සජබ මන්ත්‍රී ඩයනා 20ට පක්ෂව මන්ත්‍රීවරුන් එකතු කිරීමේ මෙහෙයුමක
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැවත්වෙන ඡන්ද විමසීමේදී විසි වැනි සංශෝධනයට පක්ෂ ව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මන්ත්‍රීවරුන් පෙලඹවීමේ මෙහෙයුමක් සමගි ජනබලවේග ජාතික ලයිස්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ විසින් සිදු කරනු ලබන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය මේ වනවිට මන්ත්‍රිවරුන් සමඟ මේ පිළිබඳව කතා බහ කරමින් සිටින බවත් ඇයගේ සැමියා වන කපිතාන් සේනක සිල්වාද මේ මෙහෙයමුට සම්බන්ධව සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.
අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද නොපැමිණි අතර මේ හේතුවෙන් මන්ත්‍රිවරුන් අතර ඇය අද සවස පැවැත්වෙන 20 වැනි සංශෝධනය පිළිබඳව ඡන්දයේදී ආණ්ඩුවට පක්ෂ ව ඡන්දය ලබා දෙනු ඇතැයි වාර්තා වේ. මෙයට අමතරව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රිවරුන් ද ඡන්දයේදී 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දෙනු ඇතැයි රාවයක් පැවතුණ ඔවුන් දෙදෙනාම අද පෙරවරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමටද පැමිණ තිබේ. කෙසේ වුවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සවස් වනවිට සිදු කෙරෙන සාකච්ඡා , මෙහෙයුම් මත ආණ්ඩු පක්ෂයේද දැනට විසි වැනි සංශෝධනයේ ඇතැම් වගන්තීන්ට විරුද්ධව සිටින මන්ත්‍රිවරුන් මෙන්ම විපක්ෂයේද මන්ත්‍රිවරුන් කිහිප දෙනකුම තම මතය වෙස් කිරීමට ඉඩ ඇති බවය. මේ මන්ත්‍රිවරුන් අතර මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රිවරයකු, පලනි දිගම්බරන් මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනකු සිටිය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version