පිටකෝට්ටෙ පිහිටි සමගි ජනබලවේගයේ ප්රධාන කාර්යාලයට එල්ල වූ බිත්තර ප්රහාරය සම්බන්ධව කොළඹ දිස්ත්රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතාන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් අද (08) පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මෙම ප්රහාරය එල්ල කීරීමට පාර්ලිමේන්තු මන්ත්රී මධුර විතාන පැමිණි බව සී.සී.ටී.වී දර්ශන මගින් පැහැදිලිව ඔප්පුවෙන බවත්, ඒ සම්බන්ධ සියලු සාක්ෂි සහිතව එදිනම පොලිසියට පැමිණිලි කර ඇති නමුත් මේ වනතුරුත් කිසිම පියවරක් ගෙන නැති නිසා පොලිස්පතිවරයාට මෙම ලිඛිත පැමිණිල්ල කිරීමට සිදු වූ බවත් කොළඹ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී මුජබර් රහුමාන් ලංකාසරට පැවසීය.
කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජබර් රහුමාන්, කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජේ.සී අලවතුවල යන මන්ත්රීවරුන් ඇතුළු පිරිසක් පොලිස්පතිවරයාට මෙම ලිපිය භාර දී තිබිණි.
මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් කියා සිටියේ මේ සිද්ධිය සිදුවී දිගු පැය 24කට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පුද්ගලයෙක්ගෙන් ප්රශ්න කිරීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් කිරීමට පොලිසිය පියවර ගෙන නැති බව ය.
.කෙසේ හෝ පොලිස්පතිවරයාගෙන් මේ ඉල්ලීම කරනු ලැබුවේ හැකි ඉක්මනින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වූ බලාපොරොත්තුවෙන් බවත් එය ඉටු නොවුනහොත් මේ රටේ ඇත්තේ කැලෑ නීතියක් බව ඔප්පුවනු ඇති බවත් මන්ත්රීවරයා කීවේය.