සචිත්‍රට ඇප…

Sachitra

සචිත්‍ර සේනානයක

හිටපු ශ්‍රී ලංකා  ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී සිටි සචිත්‍රට ඇප නියම වන්නේ විදේශ ගමන් තහනමක් ද සහිතවය.

සැකකරු විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය

ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සචිත්‍ර සේනානයක තරග පාවාදීමේ චෝදනා මත   අත්අඩංගුවට ගෙන පසුගිය 06 වැනිදා      කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත ඉදිරිපත් කළ පසු   ඔහුව   රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නායෝග කළේය.


2021 වසරේ දී හම්බන්තොට  පැවැති ලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය  අතරතුර සචිත්‍ර සේනානයක ඩුබායි හි සිට කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකිං කන්ඩායම් නියෝජනය  කළ ක්‍රීඩකයන් දෙදෙනෙකුට මුදලට තරග පාවා දීම සඳහා යෝජනා කළ බව අනාවරණය වීමත් සමග මෙම තරග පාවා දීමේ චෝදනාව ඔහුට ගොනු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය 09 වැනිදා උදේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට නීතිඥයෙක් සමග පැමිණ සිටි සචිත්‍ර  සේනානායක එම ඒකකය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Exit mobile version