සංවිධානාත්මක කොල්ල කල්ලියකට දිගන දී පොලිස් වෙඩි…

සංවිධානාත්මක කොල්ලකල්ලියක් විසින් පොලිස් නිළධාරින්ට පෙට්‍රල් බෝම්බ ගසා පලා යාමට තැත්කිරිමෙන්  පසු පොලිස් නිළධාරින් විසින් වෙඩිතබා වට කොට එම කල්ලියේ පස්දෙනකු අත්අඩංගුවට ගත් සිද්ධියක් මහනුවර දිගනින් වාර්තා වේ.

 දිගන අඹගහලන්ද ප්‍රදේශයේ ඊයේ (01)  රාත්‍රි සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරුවකු තෙල්දෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් අතර නාවුල පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා ආ අයෙක් , මහියංගනය බන්ධනාගාරයෙන් පලා ආ අයෙක් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලි සිටින අයකු ද වන බව තෙල්දෙණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම්   පවසයි. තිහාරිය උඩිස්පත්තුව සහ දිගන යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙසට හදුනා ගෙන ඇති මොවුන් කලක් තිස්සේ , කොල්ලකෑම් සිදුකරන කණ්ඩායමක් බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බවද පොලිසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස් පද්ම කුමාරගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරි ගාමිණි  ඇතුළු කණ්ඩායම අදාල වැටලීම සිදු කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.

Exit mobile version