සංඥා නාද වෙද්දී දුම්රිය හරස්මාර්ගයට වාහනයක් අතුළු කළොත් දඩය 25000යි.

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංඥා නාවදවන අවස්ථාවක දුම්රිය හරස් මාර්ගය හරහා වාහනයක් ධාවනය කළහොත් රුපියල් 25000ක දඩ මුදලකට යටත් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

ඊයේ (01) කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී සංඥා නිකුත් වී තිබිය දී හමුදා බස් රථයක් ධාවනය කර ඇති බවත් එම අපරික්ෂාකාරී අනතුර හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදුවූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ වනවට බස් රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගෙන බස් රථය ද පොලිසිය භාරයට ගෙන ඇති බවත් අද (02) රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.


Exit mobile version