දිනසේන රතුගමගේ –
වවුනියාව කනගරායන්කුලම පුලියන්කුලම කැළයේ වෙඩි වැදීමකින් බරපතල ලෙස තුවාල ලබා සිටින ඇතෙකුට වනජීවී නිලධාරීන් මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද ප්රතිකාර කිරීමේ කටයුතු ඊයේ 15 දා ආරම්භ කොට තිබේ.
කැළයෙන් වෙඩි වැදීමකින් පසුව මෙම දළ ඇතා ගම්මානයක් අසල වතුර වළකට ඇද වැටී සිටින අතර වනජීවී නිලධාරීන් ආරක්ෂක අංශ වලද සහය මත ප්රතිකාර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.
වන ජීවී නිලධාරීන් සඳහන් කරන්නේ මෙම දළ ඇතා වයස අවුරුදු 12 ක පමණ දළ ඇතෙකු නිසා ඇත්දළ ලබා ගැනීමේ අරමුණින් මෙම ඇතාට වෙඩි තබන්නට ඇති බවයි.
තුවාල ලබා සිටින වන අලියෙකුට ප්රතිකාර කරණ අතරවාරයේ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කරමින් පිරිත් පැන් බොන්නට දී ඇති සිද්ධියක් ගැන උතුරු පළාතෙන් තොරතුරක් වාර්තා වන්නේ පලමු වතාවටය.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්රධාන අධිකරණ සංඝනායක මුවඇටගම ආනන්ද නායක හිමියෝ හා වවුනියාව දකුණ ප්රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් ළිඳවැවේ අමරජෝති හිමියෝ මේ කාර්යයට එක්ව සිටියහ.