ශෝක දිනයක් පලවේ… අද කින්නියාවේ මිනිස්සු එකට එකතු වී හඬා වැටෙති…

අද කින්නියාවේ මිනිස්සු ශෝක දිනයක ප්‍රකාශ කර සිටිති.  කින්යා නගරයේ වෙළෙඳසල් වසා දැමීමට සිවිල් සංවිධාන තීරණය කර ඇත. කින්යා නගරයේ පාසල්වල ගුරුවරු අද ඉගැන්වීම් සිදුකරන්නේ නැත. දරුපැටවු පාසල් එන්නේත් නැත.

ත්‍රී කුණාමලය කින්යා කලපුවේ කුරින්චාකර්නි ප්‍රදේශයේ පෙරළී ගිය පාරුවෙන් ජීවිතය අහිමි වූ දරුපැටව් සිව් දෙනා ඇතුළු 06 දෙනාට වෙනුවෙන් මේ මිනිස්සු අද සාමුහිකව හඬා වැටෙති.

දැන් විකල්ප ඉදිරිපත් වෙමින් ඇත. ජීවිත හයක් වන්දි ගෙවූ පසු ගමට ලංගම බස් එකක් එව්වේය. මිනිස්සු එය ප්‍රතික්ෂේප කළහ. ඔවුන් ඉල්ලුවේ ස්ථිර විසඳුමකි.  පාලම කෙසේ වෙතත් අද (25) සිට නාවික හමුදාව විසින් බෝට්ටු සේවයක් මේ කලපුව හරයා ආරම්භ කිරීමට නියමිත බව කියැවිනි.  මගීන් 20ක් පමණක් රැගෙන යා හැකි බෝට්ටුවක් මේ සඳහා යොදවන බව නාවික හමුදාව කීවේය.


මේ අතර සිද්ධිය සම්බන්ධව අත්අංඩගුවට ගත් පාලම් පාරුව හිමිකරු ඇතුළු තිදෙනා ලබන මස 08 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඊයේ ඔවුන් ත්‍රී කුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version