ශිරන්ති රාජපක්ෂ  සහභාගී වන්නේ යැයි ආරංචිය වී උද්ඝෝෂකයන් පිරිසක් නුවරඑළිය වසන්ත සැනකෙළි සමාරම්භක උළෙලට කඩා වැදිලා…

අග්‍රාමාත්‍ය බිරියවන ශිරන්ති රාජපක්ෂ   පැමිණෙන්නේ යැයි ලද ආරංචියකට මත නුවර එළිය මහ නගරසභාව මගින් සංවිධානය කරන වසන්ත සැනකෙළි භූමියට විරෝධතා කරුවන් පිරිසක් කඩා වැදී ඇතැයි වාර්තා වේ.

මොවුන් කඩා වැදී ඇත්තේ  නුවරඑලිය මහ නගර සභාව විසින්  අද (01) දින සිට මේ මස (30) දින දක්වා පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උළෙලටය.

නුවරඑලිය ග්‍රේගරි වැවෙහි මාගස්තොට ප්‍රදේශයේ  අද (01) උදෑසන එම නගර සභාවේ නගරාධිපති හා දිසාපතිගේ ප්‍රධානත්වයෙන් වසන්ත උදාන සමාරම්භක උත්සවය ආරම්භ කෙරිණ.  නුවරඑළිය නගරාධිපති චන්දනලාල් කරුණාරත්න පැවසුවේ ශිරන්ති රාජපක්ෂ මෙම අවස්ථාවට සම්බන්ධවීමේ කිසිම සැලසුමක් නොතිබුණ බවය.


එහෙත් ඇය පැමිණෙන බවට ලද ආරංචිය අනුව විරෝධතාකරුවෝ  පොලිස් බාධක නොසලකා එම උත්සව භුමියට පෙළපාළියකින්  පැමිණ මේ අසීරු අවස්ථාවේ  උත්සවය නතර කරන ලෙස බලකර සිටිය බව ආරංචි මාර්ග පැවසීය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ශිරන්ති රාජපක්ෂ  සහභාගි වන්නේ යයි වාර්තා වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයේ සමාරම්භක උළෙලටද ජනතාව පැමිණ විරෝධය දක්වා ඇතැයි පැවසේ.

Exit mobile version