ශානි අයි.ඩීඑච් රෝහලට මාරු කරන්නැයි සජිත් මැතිසබේදී ඉල්ලයි

බන්ධනගාරගත ව සිටියදී කොවිඩ් 19 ආසාදිතයකු බවට පත් වී දැනට වැලිකන්ද ගල්ලෑල්ල නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට ඇතිව තිබෙන ජීවිත තර්ජනය සලකමින් ඔහු අයි.ඩීඑච් රෝහලට මාරු කරන ලෙස තමන් මානුෂීය ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (27) උදෑසන පාර්ලිමේන්තු ප්‍රශ්න අසීමේදී අවස්ථාවේදී කථානායකවරයාගේ අවධානයට මේ ඉල්ලීම යොමු කළ සජිත් ප්‍රේමදාස මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයකු බැවින් ඔහු පිළිබඳව විහේෂ වෛද්‍ය අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය. දැනට ඔහු මහර බන්ධනාගාරයේ සිට ගල්ලෑල්ල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙන ගොස් ඇති බවත් ඔහු දැනට සිටින්නේ කොළඹින් කිලෝ මීටර 200ක් පමණ ඈත ප්‍රදේශයක බවද පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා කාරුණික ව මෙන්ම මානුෂීයව ඉල්ලන්නේ ඔහු වහාම අයි.ඩී.එච් රෝහල වෙත යොමු කිරීමට කටයුතු යොදන ලෙසය.

Exit mobile version