ශානි අබේසේකර දෙන පාස්කු කොමිසමේ අවසන් සාක්ෂිය මේ සතියේ වීඩියෝ ඔස්සේ

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ෂණය කිරීමේ විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් සාක්සිකරු ලෙසින් සාක්ෂි ලබා දීමට නියමිත ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගෙන් එම සාක්ෂි ලබා ගැනීම මෙම සතියේ සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

දැනට බන්ධනාගාර ගතව සිටින අබේසේකර මහතාගෙන් සාක්ෂි ලබා දීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබා ගැනීම සඳහා පියවර ගෙන ඇති බව මෙම කොමිසමේ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පසුගිය දින කිහිපයේ රෝහල්ගතව සිටි අබේසේකර මහතා මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය වෙත යොමු කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය ත්තත්වය සහ වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ සාක්ෂිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමට අවධානය යොමු ව ඇත.


පොලිස් අධිකාරී ශානි අබේසේකර පසුගිය සතියේ මෙම සාක්ෂි විභාගයට කැඳවා තිබුණද ඔහු කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළු කොට තිබූ නිසාත් ඊට පෙර ඔහු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසාත් එම කටයුතු කල් තැබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ජනාධිපති කොමිසම මඟින් මෙතෙක් කල් ලබා ගන්නා ලද සාක්ෂි විමර්ශණ සහ ප්‍රකාශ පදනම් කරගෙන එම කොමිසම විසින් වාර්තාව ගොනු කරගෙන යනු ලබන බවත් ශානි අබේසේකර මහතාගේ සාක්ෂියද ලබා දීමෙන් අනතුරුව මෙම වාර්තාව සම්පූර්ණ කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතය.

Exit mobile version