ශානිට එරෙහිව ඇත්තේ මිනිමරුවන්ගේ සහයකයන් ගොනු කළ බොරු සාක්ෂි – අභියාචනාධිකරණය

ඇප දීමේ හැකියා තිබෙද්දීත් මාස 10ක් රඳවා ගෙන ... මෙය නිර්ජ්ජිත උත්සාහයක්... අභියාචනාධිකරණ තීන්දුව කියයි

Shani-Abesekara

අසත්‍ය සාක්ෂි ගොනු කිරීම සම්බන්ධයෙන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ගොනු කරන ලද සාක්ෂි මිනිමරුවන්ගේ සහයකයන් විසින් ගොතන ලද ව්‍යාජ ඒවා බව පෙනී යන්නේ යයි අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න  ඊයේ (16) ශානි අබේසේකරට ඇප ලබා දීමේ තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේය.

මෙය නිර්ලජ්ජිත උත්හාසයක් බවද විනිසුරුවරයා තම තීන්දුවේදී ප්‍රකාශ කොට ඇත.

මාස 10කට අධික කාලයක් තිස්සේ ඇප නොලබා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශානි අබේසේකරට ඊයේ (17) දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා දෙමින් අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දුව කරුණාරත්න විනිසුරුවරයා විසින් ප්‍රකාශයට පත් කොට ඇත.


එම තීන්දුවට අනුව, ගම්පහ මහේස්‍රතාත් අධිකරණයේ බී/1536/20 වාර්තාව මඟින් ගොනු කරන ලද ශානි අබේසේකරට එරෙහිව ඉදිරිපත් කරන ලද සාක්ෂි කිසිසේත් සාධක සහිතව අධිකරණය හමුවේ ඔප්පු කිරීමට නොහැකිව තිබේ.

ශානි අබේසේකර පසුගිය වසරේ ජූලි මස 31 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව කොවිඩ් 19 වෛරසට ආසාදනය වූ අතර ඒ සඳහා ඔහු ප්‍රතිකාර සඳහා පොළොන්නරුවට ගෙන යන අතරේ හෘදයාබාධයකට ලක්ව පසුව ශල්‍යකර්මයකටද ලක්විය.

දැනට 59 වැනි වියේ පසුවන ඔහු ගේ සෞඛ තත්ත්වය පිළිබඳව සලකා ඔහුගේ ජීවිතයට විය හැකි අවදානම් තත්ත්වය හේතුවෙන් ඇප ලබා දෙන ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඔහුගේ බිරියකටයුතු කළාය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය තවදුරටත් සඳහන් කළේ ශානි අබේසේකර   සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති චෝදනා ඇප ලබා නොදිමට කිසිසේත් හේතුවක් නොවන බවයි.

Exit mobile version