ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සිදුවූයේ කුමක් ද?… හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් ට්විටර් පණිවිඩයකින් විමසයි…

kevin-petorson

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අරවින්ද, අර්ජුන, වාස්, මුරලි, මහේල, කුමාර්… මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කීප දෙනෙක් පමණයි. ඔවුන් ඔවුන්ගේ වකවානුවල ලෝක කණ්ඩායමක 11 දෙනා අතරට පිවිසිය හැකි ක්‍රීඩකයන්ව සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූයේ කුමක් ද?”

එංගලන්තයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් මලගම දකිමින් හිටපු එංගලන්ත නායක කෙවින් පීටර්සන් ට්විටර් පණිවිඩයකින් විමසා තිබිණි.

මෙතෙක් 20යි විස්ස තරග ආකෘතියෙන් හා ඕවර පනහ ආකෘතියෙන් පැවති තරගාවලි දෙකම මේ වනවිට පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම තරග පහක් පරාජය වී සිටී. සංචාරයේ ඇති එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීම සඳහා එක් අවස්ථාවක් ඉතිරිව ඇත. ඒ තරගය ලබන ඉරිදා (04) බ්‍රිස්ටල්හි පැවැත්වේ.

ශ්‍රී ලංකාව 2018 ඔක්තෝම්බර් මාසයේ සිට විස්සයි 20 තරගාවලි 10කට ක්‍රීඩා කර ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගාවලියක් පමණි.

ඒ වකවානුව තුළ එංගලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දමග තරගාවලි දෙක බැගින් ද ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව රටවල් සමග එක් තරගාවලිය බැගින් ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වී තිබේ.

Exit mobile version