ශ්‍රී ලංකාවෙන් මිලිටරි ජුන්ටාවට කළ නිල ආරාධනය මියන්මාරයේ ජනතාව හෙළාදකී

දැනට ශ්‍රී ලංකාව මුලසුන හොබවන BIMSTEC කලාපීය සමුළුව සඳහා සාමාජික රටවල අමාත්‍යවරුන්ගේ ඔන්ලයින් රැස්වීමට, මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් පත් කරන ලද විදේශ ඇමති වුන්නා මෞං ල්වින්ට ශ්‍රී ලංකාව නිල වශයෙන් ආරාධනා කර තිබේ.

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍ර හිතවාදී ජනතාව සමාජ මාධ්‍යවල මෙම පියවර දැඩි ලෙස හෙළා දැක ඇත.

නවතම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව මෙතෙක් අදහස් දක්වා නොමැත.


බිම්ස්ටෙක් සමුළුවේ සභාපතිත්වය හොබවන විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාර්තු 2 වන දින ලිපියක් යවමින් බෙංගාල බොක්ක ආශ්‍රිත බහු-ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අප්‍රේල් 1 වනදා පවත්වන බව පවසා තිබේ.

මියන්මාරයේ පුරවැසියන් වන ෆේස්බුක් පරිශීලකයින් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ නිල පිටුවේ විවේචනාත්මක අදහස් දැක්වීමක් කර තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ මියන්මාරයේ ජනතාව සමඟ පෙනී සිටින ලෙසත්, මිලිටරි ජුන්ටාව නීත්‍යානුකූල රජයක් ලෙස පිළිගැනීම හෝ භාර නොගන්නා ලෙසත් ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ආරාධනය පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොලොම්බගේ මහතා පවසා ඇත්තේ, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සියලුම සෙසු බිම්ස්ටෙක් සාමාජිකයින්ගේ වත්මන් විදේශ අමාත්‍යවරුන්ට ශ්‍රී ලංකාව ආරාධනා කර ඇති බවයි. “මියන්මාරයේ වත්මන් විදේශ ඇමතිවරයාට අපගේ ආරාධනය ලැබෙන්නේ බිම්ස්ටෙක්හි පරමාර්ථය තුළ පමණි. බිම්ස්ටෙක් විසින් මියන්මාරය නෙරපා හැරියහොත් හැර, ඔවුන් බැහැර කිරීමට ශ්‍රී ලංකාවට බලයක් නැත, ”ඔහු බදාදා ‘ද හින්දු’ පුවත්පතට පැවසීය.

Exit mobile version