ශ්‍රී දළදා මාළිගාව යළි බැතිමතුන්ට විවෘත කිරීමේ සැලසුමක්

බැතිමතුන්ට විවෘත නොවුණත් සම්ප්‍රදායික පුද සත්කාර ඒ අයුරින්ම පැවත්වේ....

උපේක්ෂා උඩුවැරැල්ල –

දළදා සමිඳුන් වැඩ සිටින මහනුවර ශ්‍රි දළදා මන්දිරය වැද පුදා ගැනිමේ අවස්ථාව තව නොබෝ දිනකින් සිදුකළ හැකිවනු ඇතැයි, දියවඩන නිළමේ නිළංග දෑල  පවසයි.

රජයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් මත මාළිගා පරිශ්‍රයට පිවිසීම නතර කර තිබෙන බවත්,  දෙස් විදෙස් සංචාරකයින් අතිවිශාල සංඛ්‍යාවක්  දළදා සමිදුන් වැද පුදා ගැනීමටත් දැක බලා ගැනීමටත් පැමිණෙන බැවින් එය පොදුමහත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් පවසා ඇති බවත් කී නිලංග දෑල ,   රටේ තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් පැවතියද , තවදුරටත් දළදා මාළිගාව බැතිමතුන් සදහා විවෘත නොකර තබන්නේ, ජනතාවගේ සුභ සිද්ධිය උදෙසාම නිසා යැයිද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොදු ජනතා වන්දනය සඳහා විවෘත කර නොතැබුවද, සාමාන්‍ය පරිදි අලුයම දිවා සහ සවස පූජාවන් ද තේවාව ද, නානුමුර මංගල්‍යය ද  පෙර පරිදි සිදු කරන බව ද දියවඩන නිළමේවරයා කියා සිටියේය.


Exit mobile version