ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ….

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්‍යයන් අතරින් වසරේ මුලින්ම පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරිණි.

අලුත් අසලින් පිසූ කිරිබත් දළදා සමිඳුන්ට පූජා කිරීමෙන් ගොවිතැන් කටයුතු සශ්‍රික වී රටට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනය කිරීම අලුත් සහල් මංග්‍යය පැවත්වීමේ අරමුණයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී දළදා තේවාව භාර නායක ස්වාමින්ද්‍රයන් වන අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි ප්‍රමුඛ තේවාව භාර සෙසු ස්වාමින්ද්‍රයන් වහන්සේලාද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා ඇතුළු දළදා තේවාවට සම්බන්ධ ගිහි කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප-ශ්‍රී දළදා මාලගාවේ අලුත් සහල් මංග්‍යය පැවැත්වූ අයුරු.


Exit mobile version