ශ්‍රි ලංකාවටත් හදිසි වෛද්‍ය සැපයුම් අවශ්‍යයි ! WHO ලොක්කා කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි වෛද්‍ය සැපයුම් අවශ්‍ය වන කොවිඩ් රෝගීන් වැඩි වූ රටවල් අතර ශ්‍රි ලංකාවත් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් ඇඩනම් ගේබ්‍රියේසස් පවසයි. ඊයේ (15) රාත්‍රී ජිනීවා නුවරදී කොවිඩ් වසංගතය පිළිබඳව පැවැති සුපුරුදු මාධ්‍ය හමුවේදී අදහස් දක්වූ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පැවසුවේ කොවිඩ් වසංගතය උත්සන්න වීම මත හදිසි වෛද්‍ය ආධාර පිළිබඳව සැම දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවට වුවද මේ වනවිට ශ්‍රි ලංකාව , නේපාලය, කාම්බෝජය, වියට්නාමය සහ ඊජිප්තුව වැනි රටවල වසංගතය ඉස්මතු වීම මෙන්ම රෝහල් ගත කිරීම් වැඩිවී ඇති බැවින් ඒ පිළිබඳව ලෝකයේ අවධානය යොමු විය යුතු බවය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ටෙඩ්රෝස් මෙම රටවල්වලට අමතරව ඇමෙරිකානු කලාපයේ රටවල තවදුරටත් තත්ත්වය බරපතල ලෙසින් පවතින බව පෙන්වා දුන්නේය. එමෙනම් ඉන්දියාවේද ඇතැම් ප්‍රාන්තවල කොවිඩ් වසංගතය තවදුරටත් ඉහළ යන ලක්ෂණ පවතින බවත් ඉන්දියාවට අඛණ්ඩ හදිසි වෛද්‍ය සැපයුම්, ඔක්සින් සාන්ද්‍රණ යන්ත්‍ර සහ රෝහල් පහසුකම් ලබා දුන් රටවල් කෙරෙහි කෘතවේදීත්වයද පළ කළේය.
දියුණු වෙමින් පවතින රටවල් සහ දියුණු රටවල් අතර පවතින එන්නත්කරණයේ පරතරය පිළිබඳවද එහිදී සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා තම අවධානය යොමු කළේ මෙසේය.
“මම විශ්වාස කරනවා එන්නත්කරණය මේ සමඟ යා යුතුයි,කියල. මේ වනවිට දියුණු රටවල් කුඩා දරුවන් තරුණයින් වැනි අඩු අවදානම් කොටස්වලටත් එන්නත් ලබා දෙමින් සිටිනවා. එසේ වුණත් අඩු සහ මැදි ආදායම් රටවල ජනතාවට තබා ඒ රටවල සෞඛ්‍ය සේවකයන්ටවත් සම්පූර්ණයෙන් එන්නත ලබා දීමට හැකියාවක් ලැබී නෑ. මේ තත්ත්වය කණගාටුදායකයි. එයට හේතුව ඔවුන්ට මෙම එන්නත් ලබා ගැනීමට මුදල් නැති වීමයි. එවැනි රටවල ජනතාව අතරින් සමස්තයක් ලෙස එන්නත ලැබී තිබෙන්නේ සියයට දශම තුනකට. මේ නිසා මම ඉල්ලීමක් කරනවා මෙම රටවලට ලබා දීම සඳහා හැකියාව පවතින රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම වෙත එන්නත් ලබා දෙන ලෙස. මෙවැනි සහයේගීතාවක් අපට ගෝලීය වශයෙන් අත්‍යවශ්‍ය බව මම යළි යළිත් අවධාරණය කිරීමට කැමතියි. “

Exit mobile version