ශ්‍රිලනිපයෙන් අලුත් සටන් පාඨයක් “පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළි කරන්න“

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී තීරණය කර ඇති අතර ඒ වෙනුවට මෙම පාස්කු ප්‍රහාරයේ සැබැ මහමොළකරුවන් හෙළි කරන ලෙසට බලපෑම් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව පාස්කු තොමිසමේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙසට එම කොමිසම විසින් කරනු ලැබ ඇති නිර්දේශ පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණය කිරීමට ඊයේ එම පක්ෂයේ විධායක සභාව රැස්වීමට තීරණය විය. ඊට හිටපු ජනාධිපතිවරයාද සහභාගී වූ අතර මෙම කොමිසම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදි මෙම වාර්තාවේ පවතින අසම්පූර්ණතා පරස්පරතාවන් පිළිබඳව කතා බහට ලක්ව ඇති අතර සාකෂි සිය ගණනක් සටහන් කර ගත්තද මෙම ප්‍රහාරය මූලිකව සැලසුම් කළ මහ මොළකරුවන් පිළිබඳව සත්‍යය මෙම කොමිෂන් වාර්තාව හරහා අනාවරණය වී නොමැති බවද කතා බහට ලක්විය.


එ අනුව මෙහි සැබෑ මහ මොලකරුවන් හෙළි කරන ලෙසට බලපෑම් කිරීමට ද පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ.
කෙසේ වුද ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයා සම්බන්දයෙන් නෛතික පියවරකට යාමට සිදුවුහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී ඇති අතර කිසිදු හේතුවක් මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදු ජන පෙරමුණ සමඟ එකඟතාවන්ට නොපැමිණීම පිළිබඳවද කතා බහට ලක්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රැස්වීමේදී ඉදිරියටත් පක්ෂ නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත් මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර මහතාත් පත් කරගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version