ශ්‍රී ලාංකික වෘත්තීය සමිති නායකයින් තිදෙනෙකුගේ මෙහෙයවීමෙන් ඉතාලියේ දැවැන්ත ආයතනයක වැඩ වර්ජනයක්!

තිස්ස ගුණතිලික –

ඉතාලියේ ප්‍රමුඛම ප්‍රසම්පාදන ආයතනයක් වූ  “ සී. එල්. ඕ. ” ආයතනයේ දෙස් විදෙස් සේවකයින් 1500ක් පමණ ආරම්භ කර ඇති වැඩවර්ජනයක් සඳහා නායකත්වය සපයමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙක් ඉදිරිපත් වී තිබේ.

එරට වෘත්තීය සමිති ව්‍යාපාරයේ  ක්‍රියාකාරීන් වූ මෙම  ශ්‍රී ලාංකික වෘත්තීය සමිති නායකයින්  තිදෙනා වන්නේ  ශ්‍රී මාල් දේවප්‍රිය, සුබාෂ් චාමින්ද සහ සනත් රවින්ද්‍රය.

වැටුප් වර්ධක හා උසස් වීම් නියමිත පරිදි ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන ආරම්භ කර ඇති  මෙම වැඩ වර්ජනයට   සේවක පිරිස් මේ වනවිට වැඩි වැඩියෙන් එක් වෙමින් ඇතැයි වාර්තා වේ.

ඉතාලියේ ජාතික කම්කරු ප්‍රතිපත්තියට අනුව වැටුප් වර්ධක සහ සේවා උසස් වීම් ලබා නොදීම නිසා මෙම වෘත්තීය ක්‍රීයාමාර්ගයට එළඹී බව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට නායකත්වය දෙන ශ්‍රීමාල් දේවප්‍රිය   සඳහන් කළේය.


“සී.එල්.ඕ. ” ආයතනය ඉතාලියේ සුපිරි වෙළඳසැල් සඳහා බඩු බෙදාහරින ආයතනයකි. එම අයතනය මගින් ඉතාලියේ ලොම්බර්දියා, පියාමොන්තේ සහ ලිගුරියා නැමති දිස්ත්‍රීක්ක තුනේ සුපිරි වෙළඳසැල් සඳහා සේවා සැපියීම සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි මෙම ආයතනයේ ශ්‍රී ලාංකිකයින් දෙසීයක් සමග වෙනත් විදේශීය සේවකයන් 1500 පමණ සේවය කරති.

Exit mobile version