ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීම්  කළ හැටි සජිත් හෙළි කරයි…

Shammi-Silva

ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වූයේ දේශපාලන අත පෙවීම් මත නොව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලටය නියෝජනය කරමින් අදාල සූම් රැස්වීමට සහභාගී වූ නියෝජිතයා විසින් කළ ඉල්ලීම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පැවසුවේ මේ සිදුවූයේ කුමක්ද යන්න පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයාගෙන් අසා දැනගත හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.

ඔහු කීවේ ක්‍රිකට් තහනම් කිරීමට මුල් වූ පිරිස ආරක්ෂා කරමින් හැසිරෙන මේ ආණ්ඩුව උක්ත අපරාධයට වගකිව යුතු බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේ පැවසුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙතන කියැවුනා දේශපාල ඇඟිලි ගැසීමක් නිසා  ක්‍රිකට් තහනමක් වෙන්න යනවා කියලා. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිටත් මේ රටේ විමර්ශන ආයතනවලටත්…    සොයලා බලන්න ශ්‍රී ලංකාව තහනම් කරන්න කියලා  ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයට  එනිසා මේ ක්‍රිකට් තහනම යෝජනා කරපු අයව මේ ආණ්ඩුව රකිනවා නම් මේ තහනමට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් වගකියන්න ඕන.

 

Exit mobile version