ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටිනා ධීවරයින් 65ක් සහ යාත්‍රා 230කට වන්දි ගන්න 20ට පෙර මැදිහත් නොවුනොත් තමිල්නාඩුවේ සියලුම ධීවරයින් එක්ව විරෝධතාවයක් අරඹනවා…

තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු  මහ ඇමති හරහා ඉන්දීය මධ්‍යම රජයට ලිපියක් යවයි…

දිනසේන රතුගමගේ

ධීවර කොල්ලයට පැමිණ ශ්‍රී ලංකා මුහුදු සිමාවේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දිය ධීවර කොල්ලකරුවන් සහ ඔවුන්ගේ යාත්‍රා  මේ මස 20 වෙනිදාට පෙර   නිදහස් කරදීමට ඉන්දීය රජය පියවර නොගන්නේ නම්    මුළු තමිල්නාඩුවේම ධීවරයින් එක්ව  විරෝධතාවයක් දියත් කරණ බව රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා  අද (10) පැවසීය.

FISHING leader
රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා

මේ පිළිබදව ලිපියක් ඉන්දීය මධ්යම රජයේ බලධාරීන්ට බාර දීම සදහා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා වෙත බාර දුන් බවද ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා රජයේ අත් අඩංගුවට පත්ව සිටින 65 ක් පමණ වූ  ධීවරයින්ට අමතරව 2018 වසරේ සිට 2023 දක්වා කාලය ඇතුළත නාවික හමුදාව විසින් ඉන්දීය ධීවර යාත්‍රා 130 ක් පමණ අත්අඩංගුවට ගෙන තමන් සන්තකයේ තබාගෙන ඇති බව තමිල්නාඩු ධීවර සංගමය පෙන්වා දෙයි.

මේ යාත්‍රා වෙනුවෙන් ඉන්දීය ධීවරයින්ට එක් යාත්රාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි මුදල් ශ්‍රී ලංකා රජයෙන් ලබා දීමට ක්‍රියා කරන ලෙසද තමිල්නාඩු ධීවරයෝ මධ්‍යම රජයෙන් ඉල්ලා සිටිති.


ශ්‍රි ලංකා රජය විසින් මීට ඉහතදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලද ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රාවලින් ලද ආදායමෙන් කිසිම මුදලක් ඉන්දීය ධීවරයින්ට නොලැබීම බලවත් අසාධාරණයක් බවද ධීවර සංගම් ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය ධීවරයින්ගේ ඉල්ලීම් ගැන මධ්‍යම රජය සලකා බැලීමක් නොකළහොත් සියලුම ධීවරයින් විරෝධතාවයක නිරත වීමට කැමැත්ත පල කොට සිටින බවද  රාමනාතන්පුරම් එක්සත් ධීවර සංගමයේ ලේකම් එස්.යේසුරාජා  පැවසීය.

Exit mobile version