ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව භාණ්ඩාගාර අනුමැතියක් නැතිව කෝටි 54ක දිරි දීමාන ගෙවලා – විගණනය කියයි!

ලලිත් චාමින්ද –

ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 07ක කාලය තුළදි  මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  දිරි දිමනා වශයෙන් සංස්ථාවේ සේවකයින් සඳහා රුපියල්  පනස්හතර කෝටි, හැට එක් ලක්ෂ, හතලිස් එක්දහස් , පන්සිය දාහතරක මුදලක් (546,141,514)    ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂය තුළදි  සංස්ථාවේ සේවකයින් සදහා  නිෂ්පාදින දිරිදිමනා වශයෙන්, පන්කෝටි ,විසිහත් ලක්ෂ, අසුඑක් දහස්, අටසිය, අසු එකක  මුදලක්  ද (52,781,881)  පැමිණිමේ දිමනා වශයෙන් පනස්නම ලක්ෂ, අසු හත්දහසක (5,987,000) මුදලක් සහ  ඵලදායිතා දිමනා වශයෙන් රුපියල්  එක්කෝටි, විසිතුන් ලක්ෂ,අනු දෙදහස්, හත්සිය පනහක මුදලක් (12,392,750)  ගෙවා තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂය තුළ දි  දිරිදිමනා වශයෙන් ගෙවා ඇති සම්පුර්ණ මුදල රුපියල්  හත්කෝටි, එකොළොස් ලක්ෂ, හැටඑක් දහස්, හයසිය තිස් එකකි (71,161,631).

2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි  ගෙවා ඇති නිෂ්පාදන දිරිදිමනා මුදල සියයට 57කින් වැඩිවි තිබු බව සදහන් කරණ ජාතික විගණන කාර්යාලය  නිෂ්පාදන පිරිවැය ඉහල යන  අවස්ථාවලදි සංස්ථාවේ ලාභදායිත්වය අඩුවුවද  ගෙවන නිෂ්පාදන දිරිදිමනාව වැඩිකිරිමට සිදුවි තිබුණි.


විධිමත් අනුමැතිය ලබාගත් දිරිදිමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දිමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 කෙසේවුවද ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන දිරිදිමනා ගෙවා ඇති බවය.

Exit mobile version