වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවතට

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කර තිබේ.

එම ඉවත් කිරීම දේශපාලන බලපෑමකින් තොරව පරිපාලනමය තීන්දුවක් මත සිදුවූවක් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේ දී සවිස්තර වාර්තාවක් ලබාදෙනු ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ මේ වන විට පැවැත්වෙන කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු මේ වන තෙක් පත් නොකිරීම හේතුවෙන්, මාධ්‍ය වෙත රට තුළ මතුවූ covid-19 වසංගත තත්ත්වය පිළිබඳ තොරතුරු බොහොමයක් ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසිනි.

Exit mobile version