වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශ ලේකම් තනතුරට

Anil-Jasinghe

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද පරිසර අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගත්තේය.

කොවිඩ් 19 වසංගතය සමයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශේෂ මෙහෙයක් කළ වෛද්‍ය ජාසිංහ එම තනතුර ලැබීමට පෙර කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළේය. වෛද්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිධරයෙක් වූ ඔහු කලින් සෝවියට් දේශයට අයත්ව පැවැති යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයකින් තම මූලික වෛද්‍ය උපාධිය ලබා ගත්තෙතෙකි.

ඔහු මෙරට රෝහල් ගණනාවක සේවය කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ පරිපාලන අංශයේ සේවය කළේය. කලක් එම රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධානියා ලෙසද සේවය කළ ඔහු පසුව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කළේය.


එයින් පසුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලද ඔහු පසුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මේ දක්වා කටයුතු කළේය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින සිට පරිසර අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත් වීම් ලද්දේය.

Exit mobile version