ශ්‍රියානි විජේසිංහ –
මේ වනවිට ප්‍රශ්නකිරිමකට ලක් වී ඇති ඉන්සියුලින් කුප්පි ලක්ෂ 4 .5 හදිසි මිලදි ගැනිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය යොමු වි ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශය තුළ ඉන්සියුලින් ශුන්‍ය වී ඇති බැවින් යැයි ලංකාසර කළ විමසුමකදි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්සියුලින් කුප්පි ලක්ෂ 4.5 ක් මිලදී ගැනීමේ සැලසුමෙන් රුපියල් මිලියන 450 ක ඉතිරියක් රජයට සිදු වන බව ද එම ප්‍රකාශකයා පැවසුවේය.
.ඉන්සියුලින් කුප්පි ලක්ෂ 7 ක සංඛ්‍යාවක් ඇණවුම් කිරීමෙන් පසුව පසුගිය දෙසැම්බර් මස 24 වැනිදා මෙරට ලැබීමට නියමිතව තිබුණ ද, මාස හයක් ගත වී මෙතෙක් නොලැබුණු නිසා මෙම හදිසි මිලදී ගැනීම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළ බව ද ඔහු පැවැසුවේය.
නිසි ටෙන්ඩර් පටිපාටිය යටතේ මෙම මිලදී ගැනීම සිදු කිරීමෙන් කිසිදු වංචාවක් සිදු නොවන බව ද එම ප්‍රකාශකයා කීය .