වෛද්‍ය රාසායනාගාර විද්‍යාඥ පත්වීම් 300ක් අවහිර විමෙන් ඩෙංගු ඇතුළු සියලුම පරීක්ෂණ ප්‍රමාදයි… වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

ශ්‍රියානි විජේසිංහ  –                                     

වෛද්‍ය රාසායනාගාර විද්‍යාඥ පත්වීම් අවහිර කිරීමෙන් රෝහල් රැසක් බාහිර රෝගී අංශ  ඩෙංගු පරික්ෂණ ප්‍රමාද වී ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් හඳුනා නොගත් ඩෙංගු රෝගීන් සහ රෝහල්ගත නොකරමින් ප්‍රතිකාර කළ යුතු ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් ගත කිරීමට සිදුව ඇතැයි සංගමයේ සභාපති රවී කුමුදේශ්  සඳහන් කරයි.

මෙය දහගුණයක් පමණ ප්‍රතිකාර මිල ඉහළ යාමක් සිදුවන අතර අත්‍යවශ්‍ය රෝගීන් කෙරෙහි ඇති අවදානය අඩුවිමට හේතුවක් වන්නේ යැයිද හෙතෙම ‌පෙන්වාදේ.

සුදුසුකම් සැපිරූ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් 300ක් පමණ රැකියා විරහිතව සිටින අතර ඔවුන්ව කඩිනමින් සේවය බඳවා ගන්නේ නම් බාහිර රෝගී අංශයේ ඩෙංගු පරික්ෂාවන් විනාඩි තිහකට වඩා අඩු කාලයකදි කර දීමට හැකිවනු ඇතැයි කුමුදේශ් පවසා සිටියි.


කඩිනමින් ප්‍රතිකාර ක්‍රමවේදයන් තහවුරු කිරිම මගින් අනවශ්‍ය රෝහල්ගත කිරීම් හේතුවෙන් සහ නිසි හදුනාගැනීම් නොමැති වීම හරහා ඇතිවන සංකූලතාවන් රැසක් අවම කර ගැනීමට හැකිවන බවද සභාපතිවරයා පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙම බඳවා ගැනීම් සඳහා අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා මුදල් අමාත්‍යංශය ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ පිලිබඳව මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සංගමය සඳහන් කරයි.

Exit mobile version