වේල්ල වීදියේ කාන්තා සිරුරේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වූ දේ….  

ඝාතනයක් දැයි තහවුරු වී නෑ....

පසුගියදා වේල්ල විදියේ ගමන් බෑගයක තිබී හමුවූ කාන්තාවකගේ මළ සිරුර සම්බන්ධයෙන් අද දින අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කෙරුණු අතර එය ඝාතනයක්ද යන්න නිශ්චය කර ගැනීමට නොහැකි වී ඇත. එයට හේතුවී ඇත්තේ ඇයගේ හිස හමු නොවීම හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 කෙසේ වුවද ඇයගේ ශරීරයේ සෙසු කොටස් පරීක්ෂා කිරීමේදී ඇයට පහර දීමක් , වස විෂ ශරීරගත වීමක් සිදුව නොමැති අතර වෙනත් ඝාතන උත්සාහයක පැවැති බවට  අනාවරණය වී නොමැත. හංවැල්ල ප්‍රදේශයේදී නවාතැනක බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයතු සමග නවාතැන් ගෙන සිටි කුරුවිට පදිංචි දිළිනි නෙහන්සා නැමැති කාන්තාව මෙසේ මිය ගොස් ඇති බවට ඇයගේඩී.එන්.ඒ පරීක්ෂාවෙන්  තහවුරු වූ අතර එයින් පසුව අද මෙම අධිරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්විණි.

Exit mobile version