වේදනාව දරාගෙන ඔවුහු රටේ නීතියට ගරු  කළහ…

ලලිත් චාමින්ද –

මරණය හා බැඳුණු පිළිවෙත් සංස්කෘතික හා ආගමික වටිනාකම් හා බැඳී පවතී. ශිෂ්ට සමාජය එම පිළිවෙත්වලට ගරු කරන්නේ එබැවිනි.  එහෙත් මේ කොවිඩ් වසංගත තත්වය මානව ශිෂ්ටාචාරයේ ඇගයුම් පද්ධතිය අතිශයින්ම විකල් කළේය. දේහය භූමදානය හෝ ආදාහනය සම්බන්ධ විසංවාදයත් ඒ ප්‍රස්තුත කරගෙන පැන නැගුනකි.  ඒ සංවේදී අවස්ථා දරා ගනිමින් රටේ නීතියට ගරු කළ ආදර්ශ ගණනාවක් විය. මේ එවැනි එක් කතාවකි.

මොහොමඩ් තාහිම් නුල් සන්ධ්‍යා  (55) නැමති හෙට්ටවිදිය වැලිගම  ප්‍රදේශයේ පදිංචිකාරියක් මිය ගියාය. ඇය දියවැඩියාව අධික රුධිරපිඩනය   වැනි රෝග වලින්ද පෙළුණු තැන්තියකි. ඇය අසනීපවිමෙන් වැලිගම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් තිබුණි. වෛද්‍යවරයා විසින්  රෝගියා පරික්ෂාකොට බලා ඇය මියගොස් ඇති නිසා කරාපිටිය රෝහලට රැගෙන යන ලෙස උපදෙස්  දෙනු ලැබිය. ඒ අනුව  මියගිය රෝගියා සම්බන්දයෙන් කළ පි.සි ආර් පරික්ෂණයේ දී ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබුණි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේය. ඔහුව ඇමතූ රෝගියාගේ ඥාතීහු භුමදානය කිරීමට අවස්ථාව ලබා නොදෙන නිසා  දේහය රැගෙන  නොයන බවත්   එම නිසා මියගිය තැනැත්තියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.   


ඒ අනුව කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් රුවන්පුර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරාගේ  උපදෙස් අනුව නිරෝධායන නිතිරිතිවලට අනුව මියගිය  තැනැත්තියගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්විමට  රෝහලේ මෘත ශරිරාගාරය තුළදි  ඥාතින් කිහිප දෙනෙකුට අවස්ථාව ලබා දුනි.

මියගිය අයගේ ඥාතීහු සිය ආගම සිහිපත්කරමින් විනාඩි 10ක පමණ කාලයක් දේහයට අවසන් ගෞරවය දක්වනු ලැබූහ. පසුව මෙම තැනැත්තියගේ දේහය  දැඩැල්ල අදාහනාගාරයේ දි අවසන් කටයුතු කරනු ලැබිය. මියගිය අයගේ ඥාතින් කිහිප දෙනක් ද එම අවස්ථාවට   එක්වු බව වැඩබලන හදිසි මරණ පරික්ෂකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ඇත්තටම මේ වනවිට මුස්ලිම් අයගේ මරණ ආදාහනය කිරීමට  යාමේ දි නොයෙකුත් මත ගැටුම්  ඇතිවන අවස්ථා  තිබුනා. මියගිය අයගේ ඥාතින්ගෙන් බලපෑම් එල්ලවුනා. නමුත් මියගිය මෙම තැනැත්තියගේ ඥාතින් ඉතා ආදර්ශවත් ලෙස කටයුතු කළා.   ඇත්තටම ඔවුන් මේ අවස්ථාවේ දි ක්‍රියාකළ ආකාරය පිළිබඳ අගය කළයුතුයි.“  වැඩබලන හදිසි මරණ පරික්ෂකවරයා  කීවේය.  

 

Exit mobile version