වේගවත් සංවර්ධනයට යන්න මන්ත්‍රීවරු වාහන ඉල්ලති

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන ගෙන්වීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ බව සාකච්ඡා කළේ යැයි අද පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරරියවසම් මහතා කීය.

කොවිඩ් තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය අර්බුදයකට යොමුව ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින ලද්දේ මන්ත්‍රී කණ්ඩායම විසින්ම වුවද රට දැන් කොවිඩ් පාලනය කර වේගවත් සංවර්ධනයකට පියමනින මොහොතේ ඒ පිළිබඳ සළකාබැලීමට අගමැති සමඟ ඊයේ පැවති හමුවේදී සාකච්ඡා වූ බව හෙතෙම කීය.


අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කලින් වතාවේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්නන්න හදපු අවස්ථාවේ මන්ත්‍රීවරුන්ම ඉල්ලා සිටියා මේක රටේ තත්ත්වය එක්ක කල් දමන්න කියලා. ඒක කරන්න එපා රජයට වාහන ගෙන්වන එක කල් දාන්න කියලා. මොකද මේ රටේ තිබෙන ආර්ථික තත්ත්වය උඩ එහෙම දෙයක් කරන්න එපා කියලා. නමුත් ඊයේ නැවත ඒ ගැන කතා වුණා ඒ ඉල්ලීම නැවත සලකා බලන්න. දැන් කාලය එළඹෙමින් තියෙනවා කියන කාරණය ගැන විතරක් කතා වුණා නමුත් එහිදී තීන්දුවක් තීරණයක් ගැනීමක් වුණේ නෑ ”

Exit mobile version