වෙරළ ආරක්ෂකයන් හා ධීවරයින් අතර ගැටුමකින් මිරිස්ස ධීවර වරාය උණුසුම් වේ!

සම්පත් දෙනිපිටිය –

මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා යන ධීවර යාත්‍රා මුහුදු සැතපුම් හතකට එපිටට ගොස් ධීවර කටයුතුවල නිරත වන ලෙස මිරිස්ස වෙරළ ආරක්ෂක නිලධාරීන් ධීවරයන්ට දැනුම් දීමත් සමඟ අද (14) දහවල් මිරිස්ස ධීවර වරාය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී එක්දින ධීවර රැකියාවේ නිරතවන ධීවරයන් සියයකට අධික පිරිසක් විරෝධතාවයේ නියෙලිමින් වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.  මෙහිදී වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් කරුණු පහදා දීමට උත්සහ කළ ද ධීවරයන් කලහකාරී ලෙස හැසිරුනේය.    ඔවුන් චෝදනා කළේ  වෙරළආරක්ෂක නිලධාරීන් විසින් තමන්ට වෙඩි තැබීම සඳහා ආයුධයක් අතට ගත් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් දෙපාර්ශවය එකඟ තාවයකට පත් නොවීම නිසා  මෙම තත්වය  සමතයට පත් නොවීය


 

Exit mobile version