පරණ කෝන්තරයක් මත හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේදී සුඛෝපභෝගී කාර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (11) පෙරවරුවේ 44 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබිමට උත්සාහ කර ඇති අතර වෙඩි තැබීමට ගෙනා තුවක්කු පත්තු නොවීමෙන් පසු වාහනයේ හප්පා බිම වැටුනු පසු කඩුවකින් කපා කොටා පළාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
හම්බන්තොට බදගිරිය ගෙවල් 18 ප්‍රදේශයේදී මෙසේ ඝාතනය කිරීමට උත්සාහ කර ඇත්තේ අංක 236, ගෙවල් 09, හම්බන්තොට ලිපිනයේ පදිංචි 44 හැවිරිදි රත්නායක මනම්පේරි චමින්ද නැමැති අයෙකි.
වෙඩි තැබීමට ගෙනා ගල්කටස් වර්ගයේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා සැකකරුවන් විසින් ගමන්ගත් කාර් රථයෙන්ම තුවාල කරු හප්පා බිම දමා කඩුවකින් හිස ප්‍රදේශයට පහර දී තිබේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ කාර් රථය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදි පොලිස් බාරයට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබේ.
තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් පරිදි හම්බන්තොට මුලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.